Friday, May 11, 2012

ඔයා ගැන මට හිතුන දේ..

සිත් මල් අහුර හද පතුලේ සගව ගෙන
පිරිපුන් සිතින් සුදු පිරුවට පොරවගෙන
නෙත් මල් කැකුල සිය පතකට සමව ගෙන
නිරහන් හදින් නුබ හැම විට වචන ගෙන

අව්‍යාජය සුකුමාලය සිත් මලට
පිංසාරය හැඩකාරය මුව හැමට
දගකාරය සිරිසාරය සිටින රට
කවිකාරය කටකාරය නුබව මට

(චතුවී)

5 comments:

  1. මේ කවිය හරියට අර ගජමන් පුවතේ එන ඇලපාත මුදලිගෙ කවි වගේ. නියමයි ලියමු දිගටම. කවි ලිවීමේදී විවිධ ආකෘති සහ ඇස නොගැසුන ඉසව් ගැන හිත යොමුකරන්න. එතකොට තතවත් අලුත්වේවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඔබගේ අගය කිරීමට.. ඔබ වැනි වියතෙකුගේ වචනයක්ද මගේ ජීවිතේට ලොකු හයියක්..
      ඔබගේ ලිපි වලින්ම මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මහ ලොකු ආලවට්ටන් නං තේරෙන්නෙ නෑ.... ආහස පංකාදුයි එච්චරයි

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. බොහොම ස්තූතී කිව්ව එහෙනම් ඔන්න...

      Delete