Wednesday, May 16, 2012

අවසරය


සිතුවිලි දැහැනක... මා සැගවෙනකොට....
කවුරුද හොරැහින්... මදෙස බලන්නේ.....
ජීවිත ගමනේ... මතකය අතරින්....
ආදර කදුලක... සුවය දැනෙන්නේ,......

සිහින තොටුපොලක... සැගවී ඉන්නට..... 
නෑ මගෙ හිත මට... අද අවසර දෙන්නේ.....
ජීවිතයේ දුක් සුසුමට තුරුලුව..
ඔය හදවත මම... සිප සැනසෙන්නේ.....

අහිමිව ගිය ඔය... ජීවන කුටියට.....
මනැසින්මයි මම... නිතර දුවන්නේ.....
පවු කල සසරක...  පිං සොයමින් මම ....
ඔය සුදු මුහුනින්... සමුගෙන යන්නේ,.....

සසර කතර දුර... මාවත නොපෙනෙන.....
සුලන් රොදක මම... එල්ලී ඉන්නේ....
ආදර ගීතේ ... තනුව වයන්නට....
නෑ මගෙ හිත මට අවසර දෙන්නේ...

(චතුවී)

5 comments:

  1. මේක නම් කිවියේ සීමාව ඉක්මවා ගිතයේ ආකෘතියට ළංවෙනවා. ඒත් ගීතයක තිබිය යුතු මූලික රීතිය කාලය පිළිබඳ ගැටලුව මෙහිදී මතුවෙනවා. මෙහි තුන්වෙනි කොටස ඉවත් වුණානම් හරි.
    සිතුවිල්ල ගීතාත්මකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඔබග අදහසට..

      මම ගොඩක් උත්සහ කරන්නම් කෙටි කරල ලස්සනට ලියන්න.. තාම කළමණාකරනය කර ගන්න පුරුදු වෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනව..

      ඔබගේ කාලය මිඩක් විඩන්ගු කරාට බොහොම ස්තූතී

      Delete