බඳවා රැගෙන රන් පටවල් සීරුවට
ජීවම් කරයි මහ සඟ ගණ මාරුවට
මතු වී මහත් පල, බල ඉන් මහ රජුට
ලැබදෙයි වරම් රැකුමට මේ බිම ඔහුට
පළමුව රැගෙන විත් ගජ මුතුවක් පෙරට
ආඳා මුතුව ගෙන ආවා දෙවනුවට
ඌරු මුතුව තැබු කල මේ දෙක ලගට
අඩු වුණි වේන අඟකුත් තව ගුරු කමට
ගෙන ආ පසුව කඟ වේනකු මරා අඟක්
ඇත් දල යුගල පුද දුන්නේ රජුගෙ ඇතෙක්
බඳ ලා රැගෙන රන් පටවල් යාර හතක්
නිමවා තැබුනි රජු හට පේරැස් මුදුවක්
(චතුවී)