Wednesday, May 16, 2012

හිතේ ඇදුනු වචන ටිකක්


හිත පුරා ඇදි නොදුටු සිතුවම
හද පුරා ගෙත්තම් කරා
මට හොරා සිත බැන්ද ප්‍රේමෙට
සැමදෙනා සරදම් කරා
(
චතුවී)
පෙරමග දිහා ආපසු නුබ                    බලන්නෙපා
ඒ මග ගැනම සිත සිත තව             තැවෙන්නෙපා
එන මග ඇත්තෙ කාටු පදුරුයි            සිතන්නෙපා
කරුමය කාගෙදැයි දැන් දැන් නුබ  හොයන්නෙපා
(
චතුවී)
සක්මන් කළ රංගනාවිය 
තාලම් පටේ තාලයටයි හැඩ .............වෙන්නේ
ගැට බෙර හඩේ ගිඟුරුමටයි නැළ......වෙන්නේ
වීණා හඩට ඔය නෙත් පොඩි නැට......වෙන්නේ
සේනා සතර වට කොට නුඹ රග ........දෙන්නේ
(
චතුවී)
 
 

No comments:

Post a Comment