Thursday, November 7, 2013

උන්ට 
ඈත ගගනත පුරා පාවෙන පුංචි සමණල් පැටවු රෑනකි
මෑත රල කැටි හා සිනා සෙන සුසුදු පා යුග දහස් ගානකි
දෑත පාගෙන අකීකරු සිත හා සිනා සෙන තිසරු රෑනකි
සීත වැටකෙයි පදුරු අදුරේ විළි සගක් දැණ් නැතිම ගානකි
(චතුවී)
 
…දවසක
…ජීවිතේ ගැන පුංචි කවියක් ගලප ගන්නට සිත් වෙලා
නුබට හොරැහින් අකුරු සෙව්වා අමුණ ගන්නට සැගවිලා
පාව එන මුදු සුළං අතරේ ලියූ කවි පද දිය වෙලා
මටත් නොදැනිම ගලා හැලුනා කදුළු බිදුවක සැගවිලා
(චතුවී)

4 comments:

  1. කවියේ අකුරු ලොකු කරන්න පිරිච්ච ගතිය අඩුයි

    ReplyDelete
    Replies
    1. කොහොමද ලොකු කරන්නෙ .. මම වැඩිය මේක දන්නෙ නෑ .. මම මේ ලියල කොපි කරලනෙ දාන්නේ .. ඒකයි අවුල මම හිතන්නෙ ..n

      Delete
    2. පොස්ට් එක ලියන තැන ඇති Remove Formatting කියලා එකක් . (T අකුරක් එක්ක කතිරයක් තියෙන අයිකන් එකක්) කොපි කරලා පේස්ට් කලාම ඒ ඔක්කම හයිලයිට් කොරලා ෆෝමැටින් අයින් කරන්න.

      ඊට පස්සේ tT කියලා තියෙන අයිකොන් එක ක්ලික් කොලාම අකුරුවල සයිස් එක හදාගන්න පුළුවන්. ජය ජය !

      Delete
    3. බොහොම ස්තූති සහෝදරයා ..
      …ජයවේවා

      Delete