Friday, May 11, 2012

තනිකම

අහස පුරා පියා සලන කුරුල්ලනේ
ඇවිත් යන්න එනවද මේ නිසොල්මනේ
පාලු අදුර ගලා හැලෙන හවස් කොනේ
හිත හරියට ඉකි බිදිනව තනිව අනේ

ජීවිතයේ මන්මාවත් අදුරු උනේ
ආදරයේ මන්මුලාව මිතුරු උනේ
පැතූ පැතුම් සිතූ සිතුම් සිහින උනේ
නුහුරු තනිය මගෙ තනියට උරුම උනේ

ගලන කදුලු මගෙ නෙතගට මිතුරු උනේ
හෙලන සුසුම මගෙ ජීවෙට පහස උනේ
සිතේ සතුට මගෙ දිවියටට සතුරු උනේ
සන්සාරෙක මම කල පව් උරුම උනේ

(චතුවී)

No comments:

Post a Comment