Monday, October 21, 2013

දැන් දැනෙනව



කෝල කමට නුඹ කියනා
වචන මහද කොන රැදෙනව
ආල හැඟුම් නොපිරුණු සිත
ඔය නෙතු අග තව සිඹිනව

දෑසින් නුඹ කියන කතා
ලොවට හොරා මම  දකිනව
පාව ඇවිත් හැමට හොරා
හාදු දෙන්න මට හිතෙනව

දෝරෙ ගලා යන ආලය
වචන වලින් නුඹ සොයනව
සිහින් හඩින් මුමුණනකන්
මයෙ හද දැන් මග බලනව

ජීවිතයේ පැතූ සිහින
මයෙ දෝතට දැන් වඩිනව
ආදරයේ උණුසුම මට
නුඹෙ පපුවෙන් දැන් දැනෙනව
(චතුවී)

5 comments:

  1. Replies
    1. ස්තූතී දයානන්ද මහත්තයෝ .. හුග දවසකින් දැක්කේත් නේද .. :)

      Delete
  2. ලස්සන නිර්මාණයක් මල්ලි....

    ReplyDelete