Wednesday, May 16, 2012

ඔබ


ජීවන ගමනේ ....
සුවද ඉතිරි කර....
මීදුම් සලුවේ...
සිසිලට තුරුලුව...
දෙනුවන් අතරේ...
කදුලක් බොද කර...
යන්න ගියා ඔබ....
හදම අදුරු කර....
අරුණ මකාලන...
මාවත අභියස...
පහන් ටැබක් වී...
බැබලුනු තරුවට...
ජීවය දෙන්නට ...
උරුම නොවුනු සද....
යන්න ගියා.,.,
ඔබ...
ලොවම අදුරු කර...
සුදු වැලි තලයේ...
ඇදි මුතු අකුරට....
නොසැලී ඉන්නට...
වරම් අහිමි විට...
හද විල් තලයේ...
සැග වුනු සිතුවම... 
නොමැකෙන ලෙස ඔබ...
තබා ගියා ....
මෘදු කලු ගල් තලයක...

(චතුවී)

4 comments:

  1. ඒ තරම් නපුරු ද ඇය..

    මේ කවි පන්තියටිකක් සෘජු ප්‍රකාශනයක ස්වරූපය පෙන්වනවා. එයින් මග හැරී. තව ටිකක් රසවත් ව ලිව්වනම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. මගේ සිතුවිල්ලේ ඉන්න ඇය අ තරම් නපුරුයි...

      කියන දෙයින් අදහස් කලේ මොකද්ද.. මට ඒක තේරුනේ නෑ...

      Delete
  2. කියන දේ කෙලින් කියන්න එපාලු... වටින් ගොඩින් කියලා දාන්නලු..... උඹ අකුරු හදා ගන්න වෙයි... 'ඳ' 'ඹ' 'ළු' වගේ අකුරු හොයාගනින්....
    :P

    ReplyDelete