Tuesday, December 17, 2013

වචන ටිකක්




මතකය මොටද


සළකුණු මොටද මන් මාවත් වල ඇඳුණූ
කඳුලැලි මොටද දෙකොපුල් අතරින් වැටුණූ
සිනහව මොටද නුඹෙ මුව අගකින් මැවුණූ
මතකය මොටද අපි මැවු සිහිනෙක බිඳුණූ
(චතුවී).



අම්මා

දහක් __ගැරහුම් දහක්__ මුවකින් දහක් __දවසක් අහන__ අම්මා
දහක් __හොයනට දහක්__ දුක් විද දහක් __අතකට යනෙන _අම්මා
දහක්__ දේවල් දහක් __ලෙසකට දහක්__ වේලක් සොයන _අම්මා
දහක් __නැතුවට දහක්__ වටිනව දහක්__ අතරින් මගේ __අම්මා
(චතුවී)


සිත් නොදෙන්නෙද මගෙ වෙලා


සහස් ගවු දුර ඇදෙන ඔය වත දිහා බලනට සිත් වෙලා
මටත් හොරැහින් ලොවක් නොදකින තැනක නෙතු අද සැග වෙලා
නුඹේ වත ලග රැදී ඉන්නට සිතක් තිබුනට ගොලු වෙලා
මදක් නැවතී හැරී බලනට සිත් නොදෙන්නෙද මගෙ වෙලා
(චතුවී)


මට

සැලෙන ඇහිපිය අතර දගලන නුබේ රුව මට පේනවා
ඔහේ පැද්දෙන උකුල් තලයම මගේ නෙතු අග රැදෙනවා
හදේ තාලෙට සෙමෙන් පිබිදෙන නුඹේ ලැම මම දකිනවා
ලොවට හොරැහින් හිතේ ගුලිවෙන හැගුම් පොදි කැටි ගැහෙනවා
(චතුවී)

 

Thursday, November 7, 2013

උන්ට 
ඈත ගගනත පුරා පාවෙන පුංචි සමණල් පැටවු රෑනකි
මෑත රල කැටි හා සිනා සෙන සුසුදු පා යුග දහස් ගානකි
දෑත පාගෙන අකීකරු සිත හා සිනා සෙන තිසරු රෑනකි
සීත වැටකෙයි පදුරු අදුරේ විළි සගක් දැණ් නැතිම ගානකි
(චතුවී)
 
…දවසක
…ජීවිතේ ගැන පුංචි කවියක් ගලප ගන්නට සිත් වෙලා
නුබට හොරැහින් අකුරු සෙව්වා අමුණ ගන්නට සැගවිලා
පාව එන මුදු සුළං අතරේ ලියූ කවි පද දිය වෙලා
මටත් නොදැනිම ගලා හැලුනා කදුළු බිදුවක සැගවිලා
(චතුවී)

Monday, October 21, 2013

දැන් දැනෙනව



කෝල කමට නුඹ කියනා
වචන මහද කොන රැදෙනව
ආල හැඟුම් නොපිරුණු සිත
ඔය නෙතු අග තව සිඹිනව

දෑසින් නුඹ කියන කතා
ලොවට හොරා මම  දකිනව
පාව ඇවිත් හැමට හොරා
හාදු දෙන්න මට හිතෙනව

දෝරෙ ගලා යන ආලය
වචන වලින් නුඹ සොයනව
සිහින් හඩින් මුමුණනකන්
මයෙ හද දැන් මග බලනව

ජීවිතයේ පැතූ සිහින
මයෙ දෝතට දැන් වඩිනව
ආදරයේ උණුසුම මට
නුඹෙ පපුවෙන් දැන් දැනෙනව
(චතුවී)

ජීවිතේ



ජීවිතේ
අඳුරු පැත්තට
එබිකම් කරන්න
මම  හරි බයයි....
ඒ අඳුරට
ආලෝකයක්  වෙන්න
ඔයාට පුළුවන්නම්
ඒ ආලෝකෙට
ඉඩදන්න..
ඒ ආලෝකෙට
හිනා වෙන්න
මම හරි ආසයි...
ආලෝකයක්
පෙනි පෙනී
අඳුරට
එබිකම් කරන්න
වුණොත්...
ඒක හරි දුකක්..
ඒ දුක 
දුකක්මද කියල 
බලන්න 
මම හරි බයයි 
(චතුවී)

Monday, August 19, 2013

මටත් ආසයි


මටත් ආසයි ලගින් ඉන්නට
වරු ගනන් තුරුලට වෙලා
නුඹේ නැලවෙන දෙතොල අග රැදි
පුංචි කවි ලඟ තනිවෙලා
හැඩට දගලන නුබේ නෙත ලග
වහන් වෙන්නට සැගවිලා
ඉන්න පොඩියට ඉඩක් දෙනවද
පපුතුර්රේ නුබෙ සැතපිලා

එදා නුඹ ලග තිබුණු උණුහුම
තවම මගෙ ගත දවනවා
නුබේ සිනහව මගේ නෙතු ලග
තවම ඔච්චම් කරනවා
හීනෙනුත් මට නුඹ කියූ
දහක් දේවල් ඇහෙනෙවා
දෙනෙත් පියවී යන්න පලමුව
නුඹෙම වෙන්නට හිතෙනවා
(
චතුවී)