Saturday, August 10, 2013




අහිමි නුඹට ..
හිතේ ලියවෙන පුංචි කවි පද හදේ කොනකත් රැදෙනවා .
නුබේ සෙනෙහස අහිමි බව දැන මගේ ගත දැන් දැවෙනවා
කියා ගන්නට කෙනෙක් නැතිවට නෙතේ කදුලැලි වැටෙනවා
ලග නොවුන්නට නුඹ මගේ බව මගේ හිත මට කියනවා

නෙතේ දගලන පුංචි කදුලැලි මුව සිඹින්නට හදනවා
කියා ගන්නට බැරි බොහෝ දේ මගේ මුව අග තියෙනවා
නුඹේ ලෝකේ තනි වෙලා වගෙ මගේ හිත මට කියනවා
මටම නොදැනෙන නිමේශෙක මම මගෙන් ඈතට ඇදෙනවා

නුඹට නොදැනෙන මගේ සෙනෙහස හදවතේ තව තියෙනවා
මටම නොදැනෙන මටම නොහැගෙන දුකක් එහි අද රැදෙනවා
නුඹට පෙම් කල සොදුරු වරදට මෙහම කවි පද ලියෙනවා
අහිමි නුඹ ගැන සිතෙන හැම විට මියැදෙන්න මට හිතෙනවා
(
චතුවී)

4 comments:

  1. අහිමි දේවල් ගැන හිතෙද්දී දුකයි තමයි...ඒත් හිත හදන් ජීවිතේට මුහුණ දෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. හෙ හෙ .. ඔව් .. ඒත් කවියක් ලියන්න පුලුවන් නම් අහිමි දෙයක් ගැන උනත් කල්පනා කරන එක වරදක් නෙමෙයි ..

      Delete
  2. ආ.. බ්ලොග් එක මතක්වෙලා තියෙන්නේ.. අහිමි වෙච්ච අතීතයකින්

    ReplyDelete
    Replies
    1. හිකිස්ස් .. ඒකනේ . මෙහෙම එකක් තියෙන්ව කියල මට මතකම නැති උනානේ .. හෙහෙ

      Delete