.
උඹ..
ඊයම් කොලේට දිය වෙච්චි
පහන් දැල්ලට ආදරේ කරනකොට ...
මම..
පඬු පැහැය දිය වෙච්චි
කසාවතට ආදරේ කලා..
.
උඹ ..
ජීවිතේට විදවන්න
ඉඩදීල බලාඉන්නකොට
මම
ජීවිතේට
විදින්න ඉඩදීල බලා උන්න...
.
උබ..
ශරිරයකට ආදරේ කරන්න
පුරුදු වෙනකොට ..
මම
ආදරේට ආදරේ කරන්න
පුරුදු වුණා..
.
උඹ
ජීවිතේ කොට කරගන්න ආස කරනකොට
මම
ජීවිතේ දික් කරගන්න ආසකළා,,
ඒ ..
ජීවත් වෙන්න ආස නිසා නෙමෙයි ,,
සංසාරෙට තියෙන බය නිසා ..
ඒ හින්ද ..
උඹයි මමයි හරි වෙනස් මචං ...
(චතුවී)
මේක අර බුකියේ ගියපු පින්තුරේ බලල කරගත්ත දෙයක්ද
ReplyDeleteමොන පින්තූරෙද ,,
Deleteමම මේක ඇත්තටම ලීවේ නෙට් එකේ තිබුන නිවුස් එකක් දැකල ,,
…
මම දැක්ක ,,
සේනානායක වේරළියද්ද මහත්මයගෙ පුතා මහණ වෙලා "කියල දාල තිබුන ,,
මට ඒක දැක්කම මතක් උනේ ,
…මීට ටික කාලෙකට කලින් ,
…මර්වින් පෙරෙරා මහත්තයගෙ පුතා කුඩු ගහල පොලිසියට අහුවෙලා කියල නිවුස් එකක් තිබුන ,,
…
එකම විශය පතයක ඉන්න දෙන්නෙක්ගේ පුතාල දෙන්නෙක්ගේ ජීවිතේ වෙනස් තමයි මට මේක මෙහෙම ලියන්න හිතුනේ ,,
…
සුන්දර අදහසක්.. යා දෙක නොරත රත - සමඟ පෑහීමක් නැත
ReplyDelete