Monday, March 9, 2015

උඹයි මමයි හරි වෙනස් මචං

උඹයි මමයි හරි වෙනස් මචං  ,.
.
උඹ..
ඊයම් කොලේට දිය වෙච්චි
පහන් දැල්ලට ආදරේ කරනකොට ...
මම..
පඬු පැහැය දිය වෙච්චි
කසාවතට ආදරේ කලා..
.
උඹ ..
ජීවිතේට විදවන්න
ඉඩදීල බලාඉන්නකොට
මම
ජීවිතේට
විදින්න ඉඩදීල බලා උන්න...
.
උබ..
ශරිරයකට ආදරේ කරන්න
පුරුදු වෙනකොට ..
මම
ආදරේට ආදරේ කරන්න
පුරුදු වුණා..
.
උඹ
ජීවිතේ කොට කරගන්න ආස කරනකොට
මම
ජීවිතේ දික් කරගන්න ආසකළා,,
ඒ ..
ජීවත් වෙන්න ආස නිසා නෙමෙයි ,,
සංසාරෙට තියෙන බය නිසා ..
ඒ හින්ද ..
උඹයි මමයි හරි වෙනස් මචං ...

(චතුවී)