Thursday, August 16, 2012

කවි සිතුවම් ටිකක්


උදේ නැහෙවෙන හිරු කිරණ දැක කලේ උකුළට ගන්න අම්මා
වත්ත පහලට යන්න හදනදි කිරි සිනා මැද කඳුලු පෙම්මා
දැනන දරු දුක නිසා වෙන්නැති හනික ඈ ගේ වෙතට එම්මා
තනේ සුවඳට නිසාදෝ ඒ නිදා උන් පුතු ඇහැර වෙම්මා
(චතුවී)

යහන පුරා මල් අතුරා මම         සරසන්නම්
සුවඳ පැනින් ඒ මල් පෙති මම   දෝවන්නම්
බිගුන් සොයා එන ඹඹරුන් මම   එලවන්නම්
ඔය ළමැදේ ඒ මල් පොඩි මම     අහුරන්නම්
(
චතුවී)

සුළං රැල්ලට කතා කරනට එවෙත නැමෙනා      කරල් පාවී
යනෙන සැම විට මදෙස බලනට වාගෙ නොසැළී නිහඩ වේවී
මුතු සිනා මැද යාය දකිනට උදේ රැය ඇය          නැගිට ඒවී
එය දකින මගෙ හිතේ ආලය මට හොරා තව      තව වැඩේවී
(
චතුවී)

කැපවීම සහ ප්‍රතිපලය


උඩ යන
සරුංගලේකට
නූල තව
දෙන්න දෙන්න
ඒ සරුංගලේ
හරි ලේසියෙන්
තව තවත්
උඩ යනව,
ඒත් ඒ උඩ
යවා ගන්න,
විදපු දුක
දන්නේ
සරුංගලේ ,
හදපු
කෙනා
මිසක්
සරුංගලේ
නෙමෙයි..
(
චතුවී)

ඇය


මත් වුණු
හිතක්
මත් කළ
හදක්
පෑව
මදහසක්
මැකී ගිය
සඳක්
විළස
නොවුනිද

සිතත්

(
චතුවී)