Wednesday, April 24, 2013

මා ලියූ කවි





මගෙ අම්මා

නිම්මා නොමැති ගුණකඳ පිරි __මගෙ අම්මා
සම්මා සම්බුදුය නුඹ මට ______මගෙ අම්මා
මේ භව කතර නිම කරලා_____ මගෙ අම්මා
සංසාරයෙන් එතෙර වෙයන් ____මගෙ අම්මා
(චතුවී)
 
ජීවිතේ


වියරු දෙනුවන සොයන සිතුවම නුඹම බව මම දන්නවා
බොදවු සිහිනෙට තවම මගෙ සිත පෙම් කරන බව හැගෙනවා
මතක තුල සැරිසරන නුඹෙ ඒ සිනාවට පෙම් බදිනවා
කාලයේ කළු වළා අතරින් ජීවිතේ මගෙ ගෙවෙනවා
(චතුවී)


සිතනු

සඳෙව් ලොව සිරි බලනු මිතුරනි පන්හිඳෙන් ලියනා කවේ
යනෙන මග ගැන සොයනු මිතුරනි ගොඩව යන්නට මේ භවේ
කෙළෙස් නැති ලෝකයක් මිතුරනි ගෙනදෙවයි නිති දිවි සුවේ
බුදුන් දෙසු බණ අසනු මිතුරනි සිත් පහන් සිසිලෙන් නිවේ
(චතුවී)


පිය සෙනෙහස 

…රූරා වැටුණු කඳුලක මා පිය දෑසේ

නිම් හිම් නොමැති දරු සෙනෙහස විය බෝසේ
සයුරින් එතෙර ගියවද අද ඔබ පෙරසේ
හදවත දවනවා තවමත් මගෙ දුකසේ
(චතුවී)
 

 



4 comments:

  1. කමෙන්ට් නැති වුනා කියල අධෛර්යයට පත් වෙන්න එපා. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. :). නෑ නෑ .. එහෙම නෑ .. මම මේ කමෙන්ට් බලාගෙන ලියනව නෙමෙයි . මගේ ආසාවට මම ලියන්නේ

      Delete