Monday, August 19, 2013

මටත් ආසයි


මටත් ආසයි ලගින් ඉන්නට
වරු ගනන් තුරුලට වෙලා
නුඹේ නැලවෙන දෙතොල අග රැදි
පුංචි කවි ලඟ තනිවෙලා
හැඩට දගලන නුබේ නෙත ලග
වහන් වෙන්නට සැගවිලා
ඉන්න පොඩියට ඉඩක් දෙනවද
පපුතුර්රේ නුබෙ සැතපිලා

එදා නුඹ ලග තිබුණු උණුහුම
තවම මගෙ ගත දවනවා
නුබේ සිනහව මගේ නෙතු ලග
තවම ඔච්චම් කරනවා
හීනෙනුත් මට නුඹ කියූ
දහක් දේවල් ඇහෙනෙවා
දෙනෙත් පියවී යන්න පලමුව
නුඹෙම වෙන්නට හිතෙනවා
(
චතුවී)

මටත් හිටියනම්



හැමෝටම හොරෙන්
හැම වෙලාවෙම මම ගැන හොයන
මටත් වඩා මට ආදරේ කරන
පාළු වෙලාවට පොඩ්ඩක් රන්ඩු කරන
මහ රෑ වෙනකන් කියෝ කියෝ ඉදල
ආයෙ මහ පාන්දර ඇහැරවන
කන වෙලාවට මටත්
කටක් කවන්නද කියල අහන
ආදරේට හුරතල් වෙන්න
ජීවිතේ ජීවිතේ වෙන්න පුලුවන්
පුංචි සුරන්ගනාවියක්
(චතුවී)

Saturday, August 10, 2013




අහිමි නුඹට ..
හිතේ ලියවෙන පුංචි කවි පද හදේ කොනකත් රැදෙනවා .
නුබේ සෙනෙහස අහිමි බව දැන මගේ ගත දැන් දැවෙනවා
කියා ගන්නට කෙනෙක් නැතිවට නෙතේ කදුලැලි වැටෙනවා
ලග නොවුන්නට නුඹ මගේ බව මගේ හිත මට කියනවා

නෙතේ දගලන පුංචි කදුලැලි මුව සිඹින්නට හදනවා
කියා ගන්නට බැරි බොහෝ දේ මගේ මුව අග තියෙනවා
නුඹේ ලෝකේ තනි වෙලා වගෙ මගේ හිත මට කියනවා
මටම නොදැනෙන නිමේශෙක මම මගෙන් ඈතට ඇදෙනවා

නුඹට නොදැනෙන මගේ සෙනෙහස හදවතේ තව තියෙනවා
මටම නොදැනෙන මටම නොහැගෙන දුකක් එහි අද රැදෙනවා
නුඹට පෙම් කල සොදුරු වරදට මෙහම කවි පද ලියෙනවා
අහිමි නුඹ ගැන සිතෙන හැම විට මියැදෙන්න මට හිතෙනවා
(
චතුවී)