Wednesday, April 24, 2013

මට ආසයි



මට
ආසයි
ඔයා ගැන
කවියක්
ලියල
ඒ කවිය
ඔයාට
ඇහෙන්න
කියවනකොට
ඔයාගෙ මූණෙ
ඇදෙන
රටාව
සිත්තම්
කරන්න
(චතුවී)

මේකද ආදරේ



ආත්ම ගානක් ...
පෙරුම් පිරුවෙ.
මේ ආත්මෙදි.
දවස් දෙක තුනකට
පේන්න ඇවිත්..
වචන දෙක තුනක්
කතා කරල.
තවත් ආත්ම ගානක්.
මේ මතකය.
හිතේ ගුලි කරගෙන..
දුක් විදින්න ඉඩ තියන්නද..
ඒකද මේ
ආදරේ
(චතුවී)

Monday, December 17, 2012

ජීවිතේ දි

ජීවිතේට ගොඩක්
ලස්සනට
දැනෙන දේවල්
හරි පුංචි,,
එහෙම නැත්නම්
හරි තාවකාලිකයි...
ඒ උනාට ඒ
පුංචි..
තාවකාලික දේ
ජීවිතේ
ලොකු ඉඩක් ගන්නව
(චතුවී)

Sunday, November 4, 2012

උඹට ගොඩක් පින්



මටත් හොරෙන්
පුංචි පුංචි
දේවල් ගැන
කප්පරක් තරමට
හිතුවට...
ආයෙම
ඒ කප්පරක් තරමට
හිතපු දේවල්
වල
ඇති වටිනාකම
වගේම
නොවටිනාකමත්
මටම කියල දුන්නු...
ජීවිතේදි
සතුටේදි වගේම
දුකේදි
මගේ ලඟින්ම
මටම
දුරුල් වෙච්ච
ඒ පැතුම් පොදි
ගොඩක් අතරේ
සැගවිලා
මට මම කවුද ?,,
මම මොනවද
කරන්න ඕනේ..
කියන දේ මටම
කියල දීපු
මගේ
"
හිත "
උඹට ගොඩක් පින්
මම ගාවින්
හැමදාම රැදිල
මට මාව
තේරුම් කරල
මාව
කෙළින් නැගිට්ටල
තිබ්බට...
(
චතුවී)





Tuesday, October 23, 2012

අහිමි ඔබ



මිරිගුවකි ඔබ.......
සැබෑ වන්නට 
වරම් නොමැතී........
පිපුනු නෙලුමකි ඔබ...
දිය සිබින්නට 
වරම් නොමැතී.....
මහ සයුර ඔබ ....
... නිසල වන්නට 
වරම් නොමැතී......
හීනයකි ඔබ....
මගේ වන්නට 
වරම් නොමැතී.......
(චතුවී)