Sunday, November 4, 2012

උඹට ගොඩක් පින්



මටත් හොරෙන්
පුංචි පුංචි
දේවල් ගැන
කප්පරක් තරමට
හිතුවට...
ආයෙම
ඒ කප්පරක් තරමට
හිතපු දේවල්
වල
ඇති වටිනාකම
වගේම
නොවටිනාකමත්
මටම කියල දුන්නු...
ජීවිතේදි
සතුටේදි වගේම
දුකේදි
මගේ ලඟින්ම
මටම
දුරුල් වෙච්ච
ඒ පැතුම් පොදි
ගොඩක් අතරේ
සැගවිලා
මට මම කවුද ?,,
මම මොනවද
කරන්න ඕනේ..
කියන දේ මටම
කියල දීපු
මගේ
"
හිත "
උඹට ගොඩක් පින්
මම ගාවින්
හැමදාම රැදිල
මට මාව
තේරුම් කරල
මාව
කෙළින් නැගිට්ටල
තිබ්බට...
(
චතුවී)





4 comments:

  1. හ්ම්ම්..ලස්සනයි යාලු..

    ReplyDelete
  2. මෙන්න මෙයා බුකියේ පේන්න නැත්තේ මොකද කියල කල්පනා කළා දැන් මේපැත්තට ඇවිත්. අපූරු කවියක් ලියලා..

    ReplyDelete
    Replies
    1. බුකියෙ ඉන්නව.. ඉන්විසිබල් වෙලා ඉන්නෙ මහත්තයෝ..
      හෙ හෙ...
      බොහොම ස්තූතී..

      Delete