Thursday, June 21, 2012

මම ලියපු කවි ටිකක්..


වගුරා හැලුන ලේ කඳුලට දෙරණ          මතින්
හැමදා නුඹට සැලකුවෙ නෑ මතක          සිතින්
හැදූ මවට ණය නැති දා නුඹල                ඉතින්
පෙර කළ පවට ඉන්නට වුණි නොදැක නෙතින්
(චතුවී)

දහම් වෑහෙන අමා ගුණ කඳ මෙනෙහි කරනට ඉද්දි  පේවී
නිසොල්මන් වූ සැඩ සුළං රැල් කියයි මාගේ කනට    ලංවී
නෙළු ගල් මත තිබුනු පහසට බුදු හිමිගෙ ගුණ ගඟුල සිරවී
වනේ සතුනට පවා හිතුනලු ඉන්න බුදුනගෙ ගුණට  ගුලිවී
(
චතුවී)


හිරුට හොරෙන් මල් මුතු පිනි ...වැටීයන්
සඳුට හොරෙන් තරු එළි මට ...පෙනීයන්
ලොවට හොරෙන් ආල හැගුම් ....පිපීයන්
අපිට හොරෙන් අපෙ අත්වැල් ....බැදීයන්
(
චතුවී)
  
මුවට නැගෙන සිනා පොඩ්ඩ මට දීලා 
නෙතට නැගෙන කඳුළු බිංදු බිම  දාලා 
හදට නැගෙන දුක් ගින්දර     සගවාලා 
යන්න ගියා තුන් ලෝකෙම හැර දාලා 
(චතුවී)

සී පද ඇහෙන හැන්දෑවේ ...................අසාපන්
දහ දුක් විදින අම්ඹරුනේ ...................කියාපන්
මේ මහ පොළව මෘදු වුණි දැයි ........සොයාපන්
යල මහ දෙකට දිය ඇති දැයි .............බලාපන්
(
චතුවී)
 



Saturday, June 9, 2012

සිහින් අතරින් ජීවිතයට


හීන පස්සෙ දුවන මිනිස්සු......
හැමදාම කරන්නෙ 
ඒ හීන පස්සෙ දුවන එක...
නමුත්...... ජීවිතේ ගැට ගහ ගන්න...
ජීවිතේට යමක් එකතු කර ගන්න....
ජීවිතේ අර්තය විදින්න....
උත්සහ කරන මිනිස්සු හැමදාම ...
මහන්සි වෙන්නේ....
ජීවිතේට ඒ අර්තය,  
රසය එකතු කර ගන්න.....
පිටට නොපෙනුනාට..
අපට නොවැටහුනාට.. මේ දෙක අතරේ...
ලෝකයට තේරුම් කරන ඉතිරි වෙච්ච....
ලොකු තේරුමක් තියෙන්ව....
හීන පස්සෙ දුවල මහන්සි වෙන්වට වඩා..
ඒ වෙලාවෙ ජීවිතේට යමක්....
එකතු කර ගන්න පුලුවන්නම්..
එක හරි වටිනව....
(චතුවී)