උන්ට
ඈත ගගනත පුරා පාවෙන පුංචි සමණල් පැටවු රෑනකි
මෑත රල කැටි හා සිනා සෙන සුසුදු පා යුග දහස් ගානකි
දෑත පාගෙන අකීකරු සිත හා සිනා සෙන තිසරු රෑනකි
සීත වැටකෙයි පදුරු අදුරේ විළි සගක් දැණ් නැතිම ගානකි
(චතුවී)
…දවසක
…ජීවිතේ ගැන පුංචි කවියක් ගලප ගන්නට සිත් වෙලා
නුබට හොරැහින් අකුරු සෙව්වා අමුණ ගන්නට සැගවිලා
පාව එන මුදු සුළං අතරේ ලියූ කවි පද දිය වෙලා
මටත් නොදැනිම ගලා හැලුනා කදුළු බිදුවක සැගවිලා
(චතුවී)
කවියේ අකුරු ලොකු කරන්න පිරිච්ච ගතිය අඩුයි
ReplyDeleteකොහොමද ලොකු කරන්නෙ .. මම වැඩිය මේක දන්නෙ නෑ .. මම මේ ලියල කොපි කරලනෙ දාන්නේ .. ඒකයි අවුල මම හිතන්නෙ ..n
Deleteපොස්ට් එක ලියන තැන ඇති Remove Formatting කියලා එකක් . (T අකුරක් එක්ක කතිරයක් තියෙන අයිකන් එකක්) කොපි කරලා පේස්ට් කලාම ඒ ඔක්කම හයිලයිට් කොරලා ෆෝමැටින් අයින් කරන්න.
Deleteඊට පස්සේ tT කියලා තියෙන අයිකොන් එක ක්ලික් කොලාම අකුරුවල සයිස් එක හදාගන්න පුළුවන්. ජය ජය !
බොහොම ස්තූති සහෝදරයා ..
Delete…ජයවේවා