ඟුරු පාරෙදි මුනගැහෙන්න
මද අදුරට වහන් වෙලා අත්වැල් පටලා හිඳින්න
කවි කියනා කුරුල්ලන්ගෙ කවි පද හොරැහින් අහන්න
ඔය නෙතු මත දගකරනා කෝල වදන් මට කියන්න
හැමට හොරෙන් අදත් ඇවිත් ඟුරු පාරෙදි මුනගැහෙන්න
(චතුවී)
එනවද
සිහින් වළා පටළ මතින් නුඹ සතපා හැඩ බලන්න
දසහක් තරු පොකුරු වලින් එළිය අරන් නුඹට දෙන්න
සඳ සාවිට හොරෙන් ඇවිත් ඔය දෙතොලේ සුව විදින්න
එනවද මුදු පවන් රොදේ පාවි පාවි තුරුල් වෙන්න
(චතුවී)
පෙරුම් පුරනට නම් එපා
සත් පියුම් පොඩි පිපුනෙ නැතුවට තබන පියවර ණුඹ දෙපා
ගත් අතින් වැද - හිට්යෙ නැතුවට දකින විට සිවු සත අපා
මහන දම් නුඹ පිරුවෙ නැතුවට ලෝකයේ රුදු බව කපා
මතු හවේ නුඹ බුදුව ඉන්නට - පෙරුම් පුරනට නම් එපා
(චතුවී)
මට ඉගි කලා
සිලක් අග රැදි නීල බිගුවට ආලෙ කරනට සිත් වෙලා
පහන් සියයක් පිදුව සමිදුට පැතුම් දහසක ගුළි වෙලා
ලංව ඉන්නට නොහැකි බව දැන දැවෙන හදවත නුඹ පෙලා
ජීවිතේ ගැන අපූරුවටම පහන් සිල මට ඉගි කලා
(චතුවී)
අකුරු ටිකකට පුළුවන් නම් ජීවිතයක් හඩවන්න.. ජීවිතයක් සනසන්න... හදවතට දැනෙන්න.. හදවතින් බලන්න..
Thursday, January 30, 2014
Tuesday, December 17, 2013
වචන ටිකක්
මතකය මොටද
සළකුණු මොටද මන් මාවත් වල ඇඳුණූ
කඳුලැලි මොටද දෙකොපුල් අතරින් වැටුණූ
සිනහව මොටද නුඹෙ මුව අගකින් මැවුණූ
මතකය මොටද අපි මැවු සිහිනෙක බිඳුණූ
(චතුවී).
අම්මා
දහක් __ගැරහුම් දහක්__ මුවකින් දහක් __දවසක් අහන__ අම්මා
දහක් __හොයනට දහක්__ දුක් විද දහක් __අතකට යනෙන _අම්මා
දහක්__ දේවල් දහක් __ලෙසකට දහක්__ වේලක් සොයන _අම්මා
දහක් __නැතුවට දහක්__ වටිනව දහක්__ අතරින් මගේ __අම්මා
(චතුවී)
සිත් නොදෙන්නෙද මගෙ වෙලා
සහස් ගවු දුර ඇදෙන ඔය වත දිහා බලනට සිත් වෙලා
මටත් හොරැහින් ලොවක් නොදකින තැනක නෙතු අද සැග වෙලා
නුඹේ වත ලග රැදී ඉන්නට සිතක් තිබුනට ගොලු වෙලා
මදක් නැවතී හැරී බලනට සිත් නොදෙන්නෙද මගෙ වෙලා
(චතුවී)
මට
සැලෙන ඇහිපිය අතර දගලන නුබේ රුව මට පේනවා
ඔහේ පැද්දෙන උකුල් තලයම මගේ නෙතු අග රැදෙනවා
හදේ තාලෙට සෙමෙන් පිබිදෙන නුඹේ ලැම මම දකිනවා
ලොවට හොරැහින් හිතේ ගුලිවෙන හැගුම් පොදි කැටි ගැහෙනවා
(චතුවී)
Thursday, November 7, 2013
උන්ට
ඈත ගගනත පුරා පාවෙන පුංචි සමණල් පැටවු රෑනකි
මෑත රල කැටි හා සිනා සෙන සුසුදු පා යුග දහස් ගානකි
දෑත පාගෙන අකීකරු සිත හා සිනා සෙන තිසරු රෑනකි
සීත වැටකෙයි පදුරු අදුරේ විළි සගක් දැණ් නැතිම ගානකි
(චතුවී)
දවසක
ජීවිතේ ගැන පුංචි කවියක් ගලප ගන්නට සිත් වෙලා
නුබට හොරැහින් අකුරු සෙව්වා අමුණ ගන්නට සැගවිලා
පාව එන මුදු සුළං අතරේ ලියූ කවි පද දිය වෙලා
මටත් නොදැනිම ගලා හැලුනා කදුළු බිදුවක සැගවිලා
(චතුවී)
Monday, October 21, 2013
දැන් දැනෙනව
කෝල කමට නුඹ කියනා
වචන මහද කොන රැදෙනව
ආල හැඟුම් නොපිරුණු සිත
ඔය නෙතු අග තව සිඹිනව
දෑසින් නුඹ කියන කතා
ලොවට හොරා මම දකිනව
පාව ඇවිත් හැමට හොරා
හාදු දෙන්න මට හිතෙනව
දෝරෙ ගලා යන ආලය
වචන වලින් නුඹ සොයනව
සිහින් හඩින් මුමුණනකන්
මයෙ හද දැන් මග බලනව
ජීවිතයේ පැතූ සිහින
මයෙ දෝතට දැන් වඩිනව
ආදරයේ උණුසුම මට
නුඹෙ පපුවෙන් දැන් දැනෙනව
(චතුවී)
ජීවිතේ
ජීවිතේ
අඳුරු පැත්තට
එබිකම් කරන්න
මම හරි බයයි....
ඒ අඳුරට
ආලෝකයක් වෙන්න
ඔයාට පුළුවන්නම්
ඒ ආලෝකෙට
අඳුරු පැත්තට
එබිකම් කරන්න
මම හරි බයයි....
ඒ අඳුරට
ආලෝකයක් වෙන්න
ඔයාට පුළුවන්නම්
ඒ ආලෝකෙට
ඉඩදන්න..
ඒ ආලෝකෙට
හිනා වෙන්න
මම හරි ආසයි...
ආලෝකයක්
පෙනි පෙනී
අඳුරට
එබිකම් කරන්න
වුණොත්...
ඒක හරි දුකක්..
ඒ දුක
ඒ ආලෝකෙට
හිනා වෙන්න
මම හරි ආසයි...
ආලෝකයක්
පෙනි පෙනී
අඳුරට
එබිකම් කරන්න
වුණොත්...
ඒක හරි දුකක්..
ඒ දුක
දුකක්මද කියල
බලන්න
මම හරි බයයි
(චතුවී)
Monday, August 19, 2013
මටත් ආසයි
මටත්
ආසයි
ලගින්
ඉන්නට
වරු
ගනන්
තුරුලට
වෙලා
නුඹේ
නැලවෙන
දෙතොල
අග
රැදි
පුංචි
කවි
ලඟ
තනිවෙලා
හැඩට
දගලන
නුබේ
නෙත
ලග
වහන්
වෙන්නට
සැගවිලා
ඉන්න
පොඩියට
ඉඩක්
දෙනවද
පපුතුර්රේ
නුබෙ
සැතපිලා
එදා
නුඹ
ලග
තිබුණු
උණුහුම
තවම
මගෙ
ගත
දවනවා
නුබේ
සිනහව
මගේ
නෙතු
ලග
තවම
ඔච්චම්
කරනවා
හීනෙනුත්
මට
නුඹ
කියූ
ඒ
දහක්
දේවල්
ඇහෙනෙවා
දෙනෙත්
පියවී
යන්න
පලමුව
නුඹෙම
වෙන්නට
හිතෙනවා
(චතුවී)
Subscribe to:
Posts (Atom)