Tuesday, September 25, 2012

යථාර්තය



"මහා මේඝය
යටින්
පොද වැස්ස
වැටෙනව
චන්ඩ මාරුත
යටින්
මෘදු සුළන්
හමනවා
රළ පරළු
ගල් අතර
පිණි බිංදු
රැදෙනවා
සිය දහස්
කටු අතර
සුමුදු මල්
පිපෙනවා"                              
  (චතුවී)

Thursday, August 16, 2012

කවි සිතුවම් ටිකක්


උදේ නැහෙවෙන හිරු කිරණ දැක කලේ උකුළට ගන්න අම්මා
වත්ත පහලට යන්න හදනදි කිරි සිනා මැද කඳුලු පෙම්මා
දැනන දරු දුක නිසා වෙන්නැති හනික ඈ ගේ වෙතට එම්මා
තනේ සුවඳට නිසාදෝ ඒ නිදා උන් පුතු ඇහැර වෙම්මා
(චතුවී)

යහන පුරා මල් අතුරා මම         සරසන්නම්
සුවඳ පැනින් ඒ මල් පෙති මම   දෝවන්නම්
බිගුන් සොයා එන ඹඹරුන් මම   එලවන්නම්
ඔය ළමැදේ ඒ මල් පොඩි මම     අහුරන්නම්
(
චතුවී)

සුළං රැල්ලට කතා කරනට එවෙත නැමෙනා      කරල් පාවී
යනෙන සැම විට මදෙස බලනට වාගෙ නොසැළී නිහඩ වේවී
මුතු සිනා මැද යාය දකිනට උදේ රැය ඇය          නැගිට ඒවී
එය දකින මගෙ හිතේ ආලය මට හොරා තව      තව වැඩේවී
(
චතුවී)

කැපවීම සහ ප්‍රතිපලය


උඩ යන
සරුංගලේකට
නූල තව
දෙන්න දෙන්න
ඒ සරුංගලේ
හරි ලේසියෙන්
තව තවත්
උඩ යනව,
ඒත් ඒ උඩ
යවා ගන්න,
විදපු දුක
දන්නේ
සරුංගලේ ,
හදපු
කෙනා
මිසක්
සරුංගලේ
නෙමෙයි..
(
චතුවී)

ඇය


මත් වුණු
හිතක්
මත් කළ
හදක්
පෑව
මදහසක්
මැකී ගිය
සඳක්
විළස
නොවුනිද

සිතත්

(
චතුවී)

Monday, July 30, 2012

පේරැස් මුදුවක කතාව, මගේ දැනුමේ හැටියට


බඳවා රැගෙන රන් පටවල් සීරුවට
ජීවම් කරයි මහ සඟ ගණ මාරුවට
මතු වී මහත් පල, බල ඉන් මහ රජුට
ලැබදෙයි වරම් රැකුමට මේ බිම ඔහුට

පළමුව රැගෙන විත් ගජ මුතුවක් පෙරට
ආඳා මුතුව ගෙන ආවා දෙවනුවට
ඌරු මුතුව තැබු කල මේ දෙක ලගට
අඩු වුණි වේන අඟකුත් තව ගුරු කමට

ගෙන ආ පසුව කඟ වේනකු මරා අඟක්
ඇත් දල යුගල පුද දුන්නේ රජුගෙ ඇතෙක්
බඳ ලා රැගෙන රන් පටවල් යාර හතක්
නිමවා තැබුනි රජු හට පේරැස් මුදුවක්
(චතුවී)

Thursday, June 21, 2012

මම ලියපු කවි ටිකක්..


වගුරා හැලුන ලේ කඳුලට දෙරණ          මතින්
හැමදා නුඹට සැලකුවෙ නෑ මතක          සිතින්
හැදූ මවට ණය නැති දා නුඹල                ඉතින්
පෙර කළ පවට ඉන්නට වුණි නොදැක නෙතින්
(චතුවී)

දහම් වෑහෙන අමා ගුණ කඳ මෙනෙහි කරනට ඉද්දි  පේවී
නිසොල්මන් වූ සැඩ සුළං රැල් කියයි මාගේ කනට    ලංවී
නෙළු ගල් මත තිබුනු පහසට බුදු හිමිගෙ ගුණ ගඟුල සිරවී
වනේ සතුනට පවා හිතුනලු ඉන්න බුදුනගෙ ගුණට  ගුලිවී
(
චතුවී)


හිරුට හොරෙන් මල් මුතු පිනි ...වැටීයන්
සඳුට හොරෙන් තරු එළි මට ...පෙනීයන්
ලොවට හොරෙන් ආල හැගුම් ....පිපීයන්
අපිට හොරෙන් අපෙ අත්වැල් ....බැදීයන්
(
චතුවී)
  
මුවට නැගෙන සිනා පොඩ්ඩ මට දීලා 
නෙතට නැගෙන කඳුළු බිංදු බිම  දාලා 
හදට නැගෙන දුක් ගින්දර     සගවාලා 
යන්න ගියා තුන් ලෝකෙම හැර දාලා 
(චතුවී)

සී පද ඇහෙන හැන්දෑවේ ...................අසාපන්
දහ දුක් විදින අම්ඹරුනේ ...................කියාපන්
මේ මහ පොළව මෘදු වුණි දැයි ........සොයාපන්
යල මහ දෙකට දිය ඇති දැයි .............බලාපන්
(
චතුවී)