උඹයි මමයි හරි වෙනස් මචං ,.
.
උඹ..
ඊයම් කොලේට දිය වෙච්චි
පහන් දැල්ලට ආදරේ කරනකොට ...
මම..
පඬු පැහැය දිය වෙච්චි
කසාවතට ආදරේ කලා..
.
උඹ ..
ජීවිතේට විදවන්න
ඉඩදීල බලාඉන්නකොට
මම
ජීවිතේට
විදින්න ඉඩදීල බලා උන්න...
.
උබ..
ශරිරයකට ආදරේ කරන්න
පුරුදු වෙනකොට ..
මම
ආදරේට ආදරේ කරන්න
පුරුදු වුණා..
.
උඹ
ජීවිතේ කොට කරගන්න ආස කරනකොට
මම
ජීවිතේ දික් කරගන්න ආසකළා,,
ඒ ..
ජීවත් වෙන්න ආස නිසා නෙමෙයි ,,
සංසාරෙට තියෙන බය නිසා ..
ඒ හින්ද ..
උඹයි මමයි හරි වෙනස් මචං ...
(චතුවී)
සාරා සන්කෙයිය කල්ප
ලක්ශයක්
පෙරුම් පුරල
ලබා ගත්ත ආදරේ.
අවුරුදු හතර පහකින්
යසෝදරාවව
දාල යනකොට
දරා ගන්න පුලුවන් නම්
.
අවුරුද්දක් දෙකක්
ආදරේ කරපු අපිට
ඒ ආදරේ
අපිට උරුම ආදරේ
නොවෙයි නම්
මේ ආදෙර දාල යන්න
වෙන්වනම්
.
ඒ දුක
දරාගන්න බැරි
අපි
යසෝදරාව තරම්
ආදරේ කරන්න
දන්නෙ නැති නිසාද කියන්න
මම දන්නෙ නෑ
(චතුවී)
මහ වන මැදින තෙදවත් රුව ගුණ වරුණා
ඔදවත් වෙමින් කවු ගී ගුණ තව වැයුනා
රාවන කසුප් රජවරු හා පද බැඳුනා
ලොවක් මවිත කල බලයක් එහි රැදුනා
සා පව නිවන්නට රජුනට ඕනෙ වුණා
දිය කෙලි කරන්නට බිරියට සිත ඇඳුනා
එන යන උන්ට පැන් ඇති තැන් තව මැවුණා
සිහගිරි මුදුන මහ සයුරක සිරි ගැනුනා
පන දුන් ගලක ඇති පහසට සිත බැදුනා
තබනා විටදි පය එහි කවු ගී මැවුනා
ලියනට තැනක් ඇති බව උණුනට දැනුනා
හිතේ රැදුනු කවි පද එහි ඇමිනවුනා
(චතුවී)
ඟුරු පාරෙදි මුනගැහෙන්න
මද අදුරට වහන් වෙලා අත්වැල් පටලා හිඳින්න
කවි කියනා කුරුල්ලන්ගෙ කවි පද හොරැහින් අහන්න
ඔය නෙතු මත දගකරනා කෝල වදන් මට කියන්න
හැමට හොරෙන් අදත් ඇවිත් ඟුරු පාරෙදි මුනගැහෙන්න
(චතුවී)
එනවද
සිහින් වළා පටළ මතින් නුඹ සතපා හැඩ බලන්න
දසහක් තරු පොකුරු වලින් එළිය අරන් නුඹට දෙන්න
සඳ සාවිට හොරෙන් ඇවිත් ඔය දෙතොලේ සුව විදින්න
එනවද මුදු පවන් රොදේ පාවි පාවි තුරුල් වෙන්න
(චතුවී)
පෙරුම් පුරනට නම් එපා
සත් පියුම් පොඩි පිපුනෙ නැතුවට තබන පියවර ණුඹ දෙපා
ගත් අතින් වැද - හිට්යෙ නැතුවට දකින විට සිවු සත අපා
මහන දම් නුඹ පිරුවෙ නැතුවට ලෝකයේ රුදු බව කපා
මතු හවේ නුඹ බුදුව ඉන්නට - පෙරුම් පුරනට නම් එපා
(චතුවී)
මට ඉගි කලා
සිලක් අග රැදි නීල බිගුවට ආලෙ කරනට සිත් වෙලා
පහන් සියයක් පිදුව සමිදුට පැතුම් දහසක ගුළි වෙලා
ලංව ඉන්නට නොහැකි බව දැන දැවෙන හදවත නුඹ පෙලා
ජීවිතේ ගැන අපූරුවටම පහන් සිල මට ඉගි කලා
(චතුවී)
මතකය මොටද
සළකුණු මොටද මන් මාවත් වල ඇඳුණූ
කඳුලැලි මොටද දෙකොපුල් අතරින් වැටුණූ
සිනහව මොටද නුඹෙ මුව අගකින් මැවුණූ
මතකය මොටද අපි මැවු සිහිනෙක බිඳුණූ
(චතුවී).
අම්මා
දහක් __ගැරහුම් දහක්__ මුවකින් දහක් __දවසක් අහන__ අම්මා
දහක් __හොයනට දහක්__ දුක් විද දහක් __අතකට යනෙන _අම්මා
දහක්__ දේවල් දහක් __ලෙසකට දහක්__ වේලක් සොයන _අම්මා
දහක් __නැතුවට දහක්__ වටිනව දහක්__ අතරින් මගේ __අම්මා
(චතුවී)
සිත් නොදෙන්නෙද මගෙ වෙලා
සහස් ගවු දුර ඇදෙන ඔය වත දිහා බලනට සිත් වෙලා
මටත් හොරැහින් ලොවක් නොදකින තැනක නෙතු අද සැග වෙලා
නුඹේ වත ලග රැදී ඉන්නට සිතක් තිබුනට ගොලු වෙලා
මදක් නැවතී හැරී බලනට සිත් නොදෙන්නෙද මගෙ වෙලා
(චතුවී)
මට
සැලෙන ඇහිපිය අතර දගලන නුබේ රුව මට පේනවා
ඔහේ පැද්දෙන උකුල් තලයම මගේ නෙතු අග රැදෙනවා
හදේ තාලෙට සෙමෙන් පිබිදෙන නුඹේ ලැම මම දකිනවා
ලොවට හොරැහින් හිතේ ගුලිවෙන හැගුම් පොදි කැටි ගැහෙනවා
(චතුවී)
උන්ට
ඈත ගගනත පුරා පාවෙන පුංචි සමණල් පැටවු රෑනකි
මෑත රල කැටි හා සිනා සෙන සුසුදු පා යුග දහස් ගානකි
දෑත පාගෙන අකීකරු සිත හා සිනා සෙන තිසරු රෑනකි
සීත වැටකෙයි පදුරු අදුරේ විළි සගක් දැණ් නැතිම ගානකි
(චතුවී)
දවසක
ජීවිතේ ගැන පුංචි කවියක් ගලප ගන්නට සිත් වෙලා
නුබට හොරැහින් අකුරු සෙව්වා අමුණ ගන්නට සැගවිලා
පාව එන මුදු සුළං අතරේ ලියූ කවි පද දිය වෙලා
මටත් නොදැනිම ගලා හැලුනා කදුළු බිදුවක සැගවිලා
(චතුවී)
කෝල කමට නුඹ කියනා
වචන මහද කොන රැදෙනව
ආල හැඟුම් නොපිරුණු සිත
ඔය නෙතු අග තව සිඹිනව
දෑසින් නුඹ කියන කතා
ලොවට හොරා මම දකිනව
පාව ඇවිත් හැමට හොරා
හාදු දෙන්න මට හිතෙනව
දෝරෙ ගලා යන ආලය
වචන වලින් නුඹ සොයනව
සිහින් හඩින් මුමුණනකන්
මයෙ හද දැන් මග බලනව
ජීවිතයේ පැතූ සිහින
මයෙ දෝතට දැන් වඩිනව
ආදරයේ උණුසුම මට
නුඹෙ පපුවෙන් දැන් දැනෙනව
(චතුවී)