Thursday, January 30, 2014

මගේ පංහිදෙන් මැවෙන කවි රටා

ඟුරු පාරෙදි මුනගැහෙන්න

මද අදුරට වහන් වෙලා අත්වැල් පටලා හිඳින්න
කවි කියනා කුරුල්ලන්ගෙ කවි පද හොරැහින් අහන්න
ඔය නෙතු මත දගකරනා කෝල වදන් මට කියන්න
හැමට හොරෙන් අදත් ඇවිත් ඟුරු පාරෙදි මුනගැහෙන්න
(චතුවී)



එනවද
 
සිහින් වළා පටළ මතින් නුඹ සතපා හැඩ බලන්න
දසහක් තරු පොකුරු වලින් එළිය අරන් නුඹට දෙන්න
සඳ සාවිට හොරෙන් ඇවිත් ඔය දෙතොලේ සුව විදින්න
එනවද මුදු පවන් රොදේ පාවි පාවි තුරුල් වෙන්න
(චතුවී)



පෙරුම් පුරනට නම් එපා
 
සත් පියුම් පොඩි පිපුනෙ නැතුවට තබන පියවර ණුඹ දෙපා
ගත් අතින් වැද - හිට්යෙ නැතුවට දකින විට සිවු සත අපා
මහන දම් නුඹ පිරුවෙ නැතුවට ලෝකයේ රුදු බව කපා
මතු හවේ නුඹ බුදුව ඉන්නට - පෙරුම් පුරනට නම් එපා
(චතුවී)
 



මට ඉගි කලා  
 
සිලක් අග රැදි නීල බිගුවට ආලෙ කරනට සිත් වෙලා
පහන් සියයක් පිදුව සමිදුට පැතුම් දහසක ගුළි වෙලා
ලංව ඉන්නට නොහැකි බව දැන දැවෙන හදවත නුඹ පෙලා
ජීවිතේ ගැන අපූරුවටම පහන් සිල මට ඉගි කලා
(චතුවී)