Monday, October 21, 2013

දැන් දැනෙනව



කෝල කමට නුඹ කියනා
වචන මහද කොන රැදෙනව
ආල හැඟුම් නොපිරුණු සිත
ඔය නෙතු අග තව සිඹිනව

දෑසින් නුඹ කියන කතා
ලොවට හොරා මම  දකිනව
පාව ඇවිත් හැමට හොරා
හාදු දෙන්න මට හිතෙනව

දෝරෙ ගලා යන ආලය
වචන වලින් නුඹ සොයනව
සිහින් හඩින් මුමුණනකන්
මයෙ හද දැන් මග බලනව

ජීවිතයේ පැතූ සිහින
මයෙ දෝතට දැන් වඩිනව
ආදරයේ උණුසුම මට
නුඹෙ පපුවෙන් දැන් දැනෙනව
(චතුවී)

ජීවිතේ



ජීවිතේ
අඳුරු පැත්තට
එබිකම් කරන්න
මම  හරි බයයි....
ඒ අඳුරට
ආලෝකයක්  වෙන්න
ඔයාට පුළුවන්නම්
ඒ ආලෝකෙට
ඉඩදන්න..
ඒ ආලෝකෙට
හිනා වෙන්න
මම හරි ආසයි...
ආලෝකයක්
පෙනි පෙනී
අඳුරට
එබිකම් කරන්න
වුණොත්...
ඒක හරි දුකක්..
ඒ දුක 
දුකක්මද කියල 
බලන්න 
මම හරි බයයි 
(චතුවී)