Saturday, May 26, 2012

වෙනස


හිනා වෙනකොට මිනිස්සු හරි ලස්සනයිලු...
ගොඩක් අය එහෙම කියනව...
අඩනකොත මිනිස්සු හරි කැතයිලු...
ගොඩක් අය එහෙමත් කියනව....
විකාර....
මට අඩන මිනිස්සු හරි ලස්සනයි....... මොකද..
මිනිස්සු ගොඩක් වෙලාවට හිනා වෙන්නෙ ..
පිටින්..
හදවතින් හිනාවෙනකොට තියෙන ලස්සන...
බොරුවට පිටට පේන්න හිනාවෙනකොට නෑ...
මිනිස්සු අඩනකොත අඩන්නේ....
ඇස් දෙකින් වත් හිතින් වත් නෙමෙයි හදවතින්...
ලස්සන හඩවතක් තියෙන කෙනෙක්.....
අඩනකොත වගේම.....
හොද හදවතක් නැති කෙනෙක් අඩනකොට....
ලොකු වෙනසක් තියෙනවා....
(චතුවී)

Wednesday, May 16, 2012

හිතේ ඇදුනු වචන ටිකක්


හිත පුරා ඇදි නොදුටු සිතුවම
හද පුරා ගෙත්තම් කරා
මට හොරා සිත බැන්ද ප්‍රේමෙට
සැමදෙනා සරදම් කරා
(
චතුවී)
පෙරමග දිහා ආපසු නුබ                    බලන්නෙපා
ඒ මග ගැනම සිත සිත තව             තැවෙන්නෙපා
එන මග ඇත්තෙ කාටු පදුරුයි            සිතන්නෙපා
කරුමය කාගෙදැයි දැන් දැන් නුබ  හොයන්නෙපා
(
චතුවී)
සක්මන් කළ රංගනාවිය 
තාලම් පටේ තාලයටයි හැඩ .............වෙන්නේ
ගැට බෙර හඩේ ගිඟුරුමටයි නැළ......වෙන්නේ
වීණා හඩට ඔය නෙත් පොඩි නැට......වෙන්නේ
සේනා සතර වට කොට නුඹ රග ........දෙන්නේ
(
චතුවී)
 
 

ඔබ


ජීවන ගමනේ ....
සුවද ඉතිරි කර....
මීදුම් සලුවේ...
සිසිලට තුරුලුව...
දෙනුවන් අතරේ...
කදුලක් බොද කර...
යන්න ගියා ඔබ....
හදම අදුරු කර....
අරුණ මකාලන...
මාවත අභියස...
පහන් ටැබක් වී...
බැබලුනු තරුවට...
ජීවය දෙන්නට ...
උරුම නොවුනු සද....
යන්න ගියා.,.,
ඔබ...
ලොවම අදුරු කර...
සුදු වැලි තලයේ...
ඇදි මුතු අකුරට....
නොසැලී ඉන්නට...
වරම් අහිමි විට...
හද විල් තලයේ...
සැග වුනු සිතුවම... 
නොමැකෙන ලෙස ඔබ...
තබා ගියා ....
මෘදු කලු ගල් තලයක...

(චතුවී)

අවසරය


සිතුවිලි දැහැනක... මා සැගවෙනකොට....
කවුරුද හොරැහින්... මදෙස බලන්නේ.....
ජීවිත ගමනේ... මතකය අතරින්....
ආදර කදුලක... සුවය දැනෙන්නේ,......

සිහින තොටුපොලක... සැගවී ඉන්නට..... 
නෑ මගෙ හිත මට... අද අවසර දෙන්නේ.....
ජීවිතයේ දුක් සුසුමට තුරුලුව..
ඔය හදවත මම... සිප සැනසෙන්නේ.....

අහිමිව ගිය ඔය... ජීවන කුටියට.....
මනැසින්මයි මම... නිතර දුවන්නේ.....
පවු කල සසරක...  පිං සොයමින් මම ....
ඔය සුදු මුහුනින්... සමුගෙන යන්නේ,.....

සසර කතර දුර... මාවත නොපෙනෙන.....
සුලන් රොදක මම... එල්ලී ඉන්නේ....
ආදර ගීතේ ... තනුව වයන්නට....
නෑ මගෙ හිත මට අවසර දෙන්නේ...

(චතුවී)

Friday, May 11, 2012

ඔයා ගැන මට හිතුන දේ..

සිත් මල් අහුර හද පතුලේ සගව ගෙන
පිරිපුන් සිතින් සුදු පිරුවට පොරවගෙන
නෙත් මල් කැකුල සිය පතකට සමව ගෙන
නිරහන් හදින් නුබ හැම විට වචන ගෙන

අව්‍යාජය සුකුමාලය සිත් මලට
පිංසාරය හැඩකාරය මුව හැමට
දගකාරය සිරිසාරය සිටින රට
කවිකාරය කටකාරය නුබව මට

(චතුවී)

තනිකම

අහස පුරා පියා සලන කුරුල්ලනේ
ඇවිත් යන්න එනවද මේ නිසොල්මනේ
පාලු අදුර ගලා හැලෙන හවස් කොනේ
හිත හරියට ඉකි බිදිනව තනිව අනේ

ජීවිතයේ මන්මාවත් අදුරු උනේ
ආදරයේ මන්මුලාව මිතුරු උනේ
පැතූ පැතුම් සිතූ සිතුම් සිහින උනේ
නුහුරු තනිය මගෙ තනියට උරුම උනේ

ගලන කදුලු මගෙ නෙතගට මිතුරු උනේ
හෙලන සුසුම මගෙ ජීවෙට පහස උනේ
සිතේ සතුට මගෙ දිවියටට සතුරු උනේ
සන්සාරෙක මම කල පව් උරුම උනේ

(චතුවී)

Thursday, May 10, 2012

වචන

හීන් හිනාවට හිත                      වාවනකොට
කදුලු කතාවට නෙත             රැවටෙනකොට
සිහින් වදන් වල ගැබුර           දැනෙනකොට
ඔය තොල් පෙති මත දෙතොල රැදෙනකොට

ඔය හද මඩලග මිහිර               රැදෙනකොට
ජීවිත ගමනක මග                    වරදිනකොට
තනිවුනු දෙතැනක සිත         රැවටෙනකොට
පෑන් තුඩින් මේ වචන             ඇදෙනකොට

තේරුම් ගන්න පටන් ගන්නකොට... අවසානයට ලගා උනු..
තේරුමට තේරුමක් දෙන්න මැවුනු වදන් පෙල

(චතුවී)

Saturday, May 5, 2012

වචන ටිකකට කැටි උනු හැගුම් ධාරාව....

පුංචි නෙළුමක් දියෙන් මතු පිටට ඇවිල්ල ....
දිය මතුපිට තියෙන සුන්දරත්වය..
ඒ දියේ තියෙන මිහිර ..
විදින්න හැදුවට..
ආයේ කවම දාවත් ඒ තියෙන සුන්දරත්වය ..
මිහිර විදින්න බෑ කියල දන්නවනම්....
කවම දාවත් දියෙන මතු පිටට එන්නේ නැති වෙයි..
ඒත්... ජීවිතේදි ..
පොඩ්ඩක් ජීවිතෙන් එලියට ඇවිල්ල....
මේ ජීවිතේ තිබුන සුන්දර තැන් ,..
වගේම අසුන්දර තැන් බලල..
ඒව හදාගන්න පුලුවන්නම්...
අපි හැමොම ජීවිතෙන් එලියට එන්න උත්සහ කරයි...
(චතුවී)