Monday, April 30, 2012

වචන ටිකකට කැටි උනු හැගුම් ධාරාව....



 පාලු පාරක් දිගේ ඇවිදගෙන යනකොට.....
තනිකමත් එක්ක එකට කැටි වුනු .....
බයක් හිතට දැනෙනකොට..
මම ඔයා ලගට ඉතින් දුවල ගියා..
ඒ ඔයා  ලගින් ඉන්නකොට ....
බයක් තනිකමක් මට දැනුනෙ නැති නිසා...
ඒත් අද මට ඒ තනිකම ..
බය.. පාලුව ආයේම දැනෙනව...
ඒඇයි කියල මගේන් අහන්න අද මම බයයි...
ඒ බය යථාර්තයට මුහුණ දෙන්න.....
මම බය නිසාද කියල මම දන්නේ නෑ....
(චතුවී)

Thursday, April 26, 2012

වචන ටිකකට කැටි උනු හැගුම් ධාරාව....

දුක පිරිච්ච මගේ හිතින්...
ඔයාට කතා කරනවට..
ඔයා කැමති නෑ කියල මම දන්නව...
ඒත් මගේ හිත මට හොරෙන්..
ඔයාට කතා කරනව..
මම මොනවා කරන්නද...
මට බෑ මගේ හිත මට කීකරු කර ගන්න...
ඒ වෙන මොනවත් නිසා නෙමෙයි...
මගේ හිත මටත් හොරෙන් ..
ඔයා අයිති කරගෙන හිටපු නිසා..
මම නොදන්නව නෙමෙයි..
මේක ඔයාට කරදරයක්..
ඒත් ..
මම දන්නෑ ..
මම මොනවද කරන්න ඕනේ කියල...
ඉවර කරන්න බැරි දේකට...
කොහොමද මම පොරොන්දු දෙන්නේ..
(චතුවී)

Wednesday, April 25, 2012

වචන ටිකකට කැටි උනු හැගුම් ධාරාව....

අද...
මගේ ජීවිතේ ....
දුකම දවසද කියන්න....
මම දන්නේ නෑ...
මොකද මම....
ඔයා හම්බෙච්ච දවසෙත්...
ගොඩක් දුක් උනා..
ඒ මට එදාට කලින් ඔයාව...
හම්බුනේ නෑනේ කියල හිතුන නිසා..
අද...
මම ඊට වඩා දුක් වෙනව...
ඒ මගේ ජීවිතේ කර ගත්ත ඔයව....
මට නැති වෙන්ව කියල දන්න නිසා...
මේ ජීවිතේදි කවදාවත්...
කදුලට ආදරේ නොකරපු මට..
අද තනියට ඉන්නේ ...
කදුලම විතරයි...
ඒ මගේ ජීවිතේ....
මගේ තනියට මට නැති නිසා...
ඒත් මම හැමදාම ඔයාට ආදරේ කරයි.....

(චතුවී)

අවසරයි..

ජීවිතේදි අපිට හිතෙන දෙවල්. එහෙම නැතිනම්.,. අපිට දැනෙන දේවල්.....
ලෝකයා ඉදිරියේදි .. ලෝකයාට දැනෙන විදිහට ,..
විදින්න දෙන්න පුලුවන්නම්.. ඒ අත්දැකීම බෙදාහදා ගන්න තරම් සරල නිහතමානී මනසක් අපිට තියෙන්වනම්    සමාජෙ ජීවත් වෙන්න ගොඩක් පහසුයි කියන එක මම අත් දැකීමෙන් දන්න දෙයක්..
මගේ ජීවිතේදි මට දැනුන, මට පෙනුන ගොඩක් දෙවල්, වචන ටිකකට කැටි කරන්න තරම් මගේ හිත මාව පෙලබෙව්වේ .. ඇයිද කියන්න මම හරියටම දන්නේ නෑ.. ඒත් ඒ පෙලබවීම තුලින් මට මම ගැනම ඇගයීමක් කර ගන්න පුලුවන් උනා කියන එක නම් මම හොදා කාරවන දන්නව.. ඉතින්.. මගේ ඒ හිතට නැගුන , මට දැනුන ගොඩක් දෙවල් මේ විදිහට වචන ටිකකට කැටි කරන්න
අවසරයි..